පියවර 1:
වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හමුවීමක් වෙන්කරවා ගන්න.
- වේරහැර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සඳහා හමුවීමක් වෙන්කරවා ගන්න
0112 117 116 අමතා
පියවර 2:
වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය.
- වයස අවුරුදු 17 සම්පූර්ණ කර ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණයට පෙනී සිටිය හැකිය.
- අයදුම්කරු පෞද්ගලිකව පෙනී සිටිය යුතුය.
- ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු ගමන් බලපත්‍රය රැගෙන යා යුතුය.
- නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබාගත් වෛද්‍ය සහතිකය රැගෙන යා යුතුය. (225 ඇමතීමෙන් ඔබට හමුවීමක් කළ හැක)
- උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද සත්‍ය පිටපතක් රැගෙන යා යුතුය.
- ජාතික හැඳුනුම්පත වෙනස් කරන්නේ නම් ග්‍රාමසේවක සහතිකය රැගෙන යා යුතුය
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ගාස්තු
1 වාහන පන්තිය සඳහා රු. 3,250/=
2 වාහන පන්තිය සඳහා රු. 4,750/=
3 වාහන පන්තිය සඳහා රු. 5,250/=
පියවර 3:
ලිඛිත පරීක්ෂණය
- ලිඛිත පරීක්ෂණයෙන් සමත් වූ විට, උපරිම මාස 18ක් දක්වා ඉගෙනුම් බලපත්‍රයක් නිකුත් කෙරේ.
- එවැනි බලපත්‍රයක් දරන්නෙකුට අපගේ රියදුරු පාසලට සම්බන්ධ වී රිය පැදවීමේ පුහුණුව ආරම්භ කළ හැකිය.
පියවර 4:
ප්‍රායෝගික පරීක්ෂණය
- ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දීම සඳහා වයස අවුරුදු 18 සම්පූර්ණ කළ යුතු අතර, ඉගෙනුම් බලපත්‍රය ලබාගෙන අවම වශයෙන් මාස 3ක් සමත්ව තිබිය යුතුය.
- රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දී ඉන් සමත් වීම අනිවාර්ය වේ.