නව රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රියාවලිය

පහසු පියවර 4 කින් ලියාපදිංචි වී ඔබගේ රියදුරු බලපත්‍රය දැන්ම නිවසේ සිටම ලබා ගන්න.

පියවර 1:

වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හමුවීමක් වෙන්කරවා ගන්න.

  • වේරහැර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය සඳහා හමුවීමක් වෙන්කරවා ගන්න
    0112 117 116 අමතා

පියවර 2:

වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය.

  • වයස අවුරුදු 17 සම්පූර්ණ කර ඇත්නම් ලියාපදිංචි වී ලිඛිත පරීක්ෂණයට පෙනී සිටිය හැකිය.
  • අයදුම්කරු පෞද්ගලිකව පෙනී සිටිය යුතුය.
  • ජාතික හැඳුනුම්පත හෝ ජාතික හැඳුනුම්පත් අංකය සහිත වලංගු ගමන් බලපත්‍රය රැගෙන යා යුතුය.
  • නුගේගොඩ ජාතික ප්‍රවාහන වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ලබාගත් වෛද්‍ය සහතිකය රැගෙන යා යුතුය. (225 ඇමතීමෙන් ඔබට හමුවීමක් කළ හැක)
  • උප්පැන්න සහතිකයේ මුල් පිටපත හෝ අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් විසින් සහතික කරන ලද සත්‍ය පිටපතක් රැගෙන යා යුතුය.
  • ජාතික හැඳුනුම්පත වෙනස් කරන්නේ නම් ග්‍රාමසේවක සහතිකය රැගෙන යා යුතුය

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි ගාස්තු
1 වාහන පන්තිය සඳහා රු. 3,250/=

2 වාහන පන්තිය සඳහා රු. 4,750/=

3 වාහන පන්තිය සඳහා රු. 5,250/=

පියවර 3:

ලිඛිත පරීක්ෂණය

  • ලිඛිත පරීක්ෂණයෙන් සමත් වූ විට, උපරිම මාස 18ක් දක්වා ඉගෙනුම් බලපත්‍රයක් නිකුත් කෙරේ.
  • එවැනි බලපත්‍රයක් දරන්නෙකුට අපගේ රියදුරු පාසලට සම්බන්ධ වී රිය පැදවීමේ පුහුණුව ආරම්භ කළ හැකිය.

පියවර 4:

ප්‍රායෝගික පරීක්ෂණය

  • ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දීම සඳහා වයස අවුරුදු 18 සම්පූර්ණ කළ යුතු අතර, ඉගෙනුම් බලපත්‍රය ලබාගෙන අවම වශයෙන් මාස 3ක් සමත්ව තිබිය යුතුය.
  • රියදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ප්‍රායෝගික පරීක්ෂණයට මුහුණ දී ඉන් සමත් වීම අනිවාර්ය වේ.
Scroll to Top